බලගතු සූර්ය කුණාටුවක් පෘථිවියට පහර දෙයි

දශක දෙකකට වැඩි කාලයක් තුළ ඇති වූ බලවත්ම සූර්ය කුණාටුව සිකුරාදා (ඊයේ) දිනයේ පෘථිවියට පහර දුන්නා.

එය ටස්මේනියාවේ සිට බ්‍රිතාන්‍යය දක්වා අහසේ දර්ශනීය ආකාශ ආලෝක සංදර්ශන අවුලුවාලූ අතර, ‘අවුරෝරා බොරයාලිස්’ හෙවත් උතුරු එළි සංසිද්ධිය ලෙස එය හඳුන්වනු ලබනවා.

සූර්යාගෙන් නිකුත් වූ ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් මෙම තත්ත්වයට හටගෙන තිබූ අතර, මෙම තත්ත්වය චන්ද්‍රිකා සහ විදුලිබල ජාලවලට බාධාවන් හා තර්ජනයක් එල්ල කරනු ඇති බවයි ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

2003 ඔක්තෝම්බර් හි “හැලොවීන් කුණාටු” ස්වීඩනයේ විදුලිය විසන්ධි කිරීමට සහ දකුණු අප්‍රිකාවේ යටිතල පහසුකම්වලට හානි කිරීමට හේතු වූ පසු පෘථිවියට බලපෑ පළමු බලවත්ම සූර්ය කුණාටුව මෙයයි.

මෙම තත්ත්වයත් සමඟ යුරෝපා රටවල අහස රෝස සහ කොළ පැහැයෙන් වර්ණවත් වී තිබු අතර, එය යුරෝපා වැසියන්ට අලුත් අත්දැකීමක් වුණා.

කෙසේ වෙතත් ඉදිරි දිනවලදී තවත් සූර්යාගේ කිරීටක ස්කන්ධ පිටකිරීම් පෘථිවියට පහර දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවයි විද්‍යාඥන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
6
+1
12
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?