ලක්නව් සුපර්ජයන්ට්ස් හිමිකරුගේ ක්‍රියාවට හතර වටෙන් අයහපත් ප්‍රතිචාර (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරේදා (08) පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට දරුණු පරාජයක් අත් විඳීමට සිදු වුණා.

හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරගයේ දී සන්රයිසස් සුපර්ජයන්ට්ස් කණ්ඩායම පරාජය කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 10 කින්.

මෙම තරගයෙන් පසු පරාජිත කණ්ඩායමේ හිමිකරු සංජිව් ගොයන්කා සහ එම කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් අතර පිටිය මැද දී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

සංජිව් ගොයන්කා විසින් රාහුල්ට අවේගශීලීව කිසියම් දෙයක් පවසන අතර රාහුල් එම අවස්ථාවේ දී අසරණ වී සිටින ආකාරය එම සිදුවීමේ දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සමස්ත ඉන්දීය ක්‍රිකට් සහෝදරත්වයම අවුලුවාලූ අතර, මේ සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිචාර ගලා එන්නට මේ වනවිට පටන්ගෙන තිබෙනවා.

මේ අතර රාහුල්ගේ ඉන්දීය කණ්ඩායමේ සගයා වන මොහොමඩ් ෂාමි ද බොහෝ කතාබහට ලක් වූ මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වා ඇති අතර, ෂාමි පවසන්නේ එම සිදුවීම එළිපිට සිදුවීම ලැජ්ජාවට කරුණක් බවයි.

“ක්‍රීඩකයන්ට ගෞරවයක් තියෙනවා, ඔබත් ගෞරවනීය පුද්ගලයෙක්, ඔබ හිමිකරුවෙකු නිසා බොහෝ අය ඔබ දෙස බලා ඔබෙන් ඉගෙන ගන්නවා. කැමරා ඉදිරියේ මේ දේවල් සිදු වෙනවා නම් එය ප්‍රශ්නයක්. ලැජ්ජයි. ඔයාලට එහෙම කරන්න වෙනවා නම් විවිධ ක්‍රම තියෙනවා. ඔයාට ඩ්‍රෙසින් රූම් එකේදී හොටෙල් එකේදිත් මේ දී කරන්න තිබ්බා. පිටියේ දී ඒක කරන එක යහපත් දෙයක් නෙවෙයි.” යනුවෙන් අදහස් දක්වමින් ෂාමි වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර මෙම සිදුවීවීමෙන් පසු රාහුල් තවදුරටත් ලක්නව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු නොකිරීමට ඉඩ ඇති බව ද වාර්තා වනවා.

අදාළ සිදුවීම පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
11
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?