ඩයනාට විදේශ ගමන් තහනමක්

ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයට භාජනය වී සිටින හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් සහ සමගි ජන බලවේගයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනී….. ඩයනා ගමගේ නමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බවට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකින් නිගමනය කර තිබෙනවා. ඇය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් මේ රටට පැමිණි තැනැත්තියක්. එසේ පැමිණ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇය මෙරටදී රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය සැකකාරියක් වශයෙන් නම් කළ යුතු තැනැත්තියක්. එසේ තිබියදී ඇය සතුව මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තුනක් පවතිනවා. ” යනුවෙන් සඳහන් කළා.

එම විදේශ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන ඇය රටින් පිටවීමේ අවධානමක් පවතින හෙයින් ඩයනා ගමගේ නමැත්තිය රටින් පිටවීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා අදාළ නඩු ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරනු ලබන්නේ නිති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ අංශයෙන් බවත් මේ සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර උපදෙස් ලැබී නොමැති බවත් එම නිලධාරියා සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය රටින් පිටවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22