කාර්ය මණ්ඩලයේ 300ක් අසනීප වෙයි – එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් රැසක් අවලංගුයි

කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමත් සමඟ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවයේ ගුවන් ගමන් 70 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව නිල ආරංචි මාර්ග පවසනවා.

එම ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 300ක් පමණ අවසන් මොහොතේ මෙලෙස අසනීප නිවාඩු වාර්තා කර සිය ජංගම දුරකථන ද ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සහ දේශීය ගුවන් ගමන් රැසක් මෙලෙස අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

“අපගේ කාර්ය මණ්ඩලයේ කොටසක් ඊයේ (07) රාත්‍රියේ සිට අවසන් මොහොතේ අසනීප නිවාඩු වාර්තා කර ඇති බව දැනුම් දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් සිදුවුණා. මෙම සිදුවීම් පිටුපස ඇති හේතු තේරුම් ගැනීමට අපි කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වන අතර, අපගේ කණ්ඩායම් මෙම ගැටළුව අවම කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරනවා. මෙම තත්ත්වය නිසා අපගේ ගුවන් මගීන්ට යම් අපහසුතාවයක් ඇතිව තිබෙනවා.” යනුවෙන් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ අතර ගුවන් ගමන් අවලංගු කිරීම් හේතුවෙන් බලපෑමට ලක් වූ ගුවන් මගීන්ට සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් දිනයකට අනුපූරකව නැවත කාලසටහන් ලබා දෙන බවයි එම ගුවන් සමාගම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47