ඉල්ලීම්වලට අද විසඳුම් නැතිවුනොත් තත්ත්වය දරුණු අතට – විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට පත් කළ කැබිනට් අනුකමිටුව අද (08) දිනයේ දී රැස් වෙනවා.

ඒ, අනුව මෙහිදී ගනු ලබන නිර්දේශ ලබන 13 වනදා රැස්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් අද (08) පැවැත්වෙන සාකච්ඡා මඟින් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් වැඩිකරන බවයි විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද හත්වන දිනටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?