දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් තාත්තා රිමාන්ඩ්

තම බිරිඳ ඝාතනය කිරීම සදහා අත්බෝම්බයක් රැගෙන පැමිණ, දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි පුද්ගලයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු අද (06) දිනයේ හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (05) රාත්‍රියේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ රැඳී සිටි සිය බිරිඳ ඝාතනය කිරීම සඳහා මෙම පුද්ගලයා අත්බෝම්බයක් ද රැගෙන පැමිණ තිබෙනවා.

විදේශගතව සිටි සැකකරු කෙටි කලකට මෙරටට පැමිණ ඇති අතර අඹු සැමි අඩ දබර නිසාවෙන් කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ රැදී සිට ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගමක නියෝජිතයෙකු ලෙසයි එම නිවසට පැමිණ ඇත්තේ.

සැකකරු එම නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයකටම ගොස් ඇති අතර, තම දරුවන් දෙදෙනා එක් නිවසක මිදුලේ සෙල්ලම් කරනු දැක අදාළ නිවසට පැමිණ බිරිද ඝාතනය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

ඒ, අවස්ථාවේ දී බිරිඳ එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු විසින් දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගැනීමට කටයුතු කර තිබුණා.

මෙලෙස ප්‍රාණ ඇපයට ගැණුනේ වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු එකයි මාස 8ක කුඩා පිරිමි දරුවෙක්.

සැකකරු අත්බෝම්බයේ අගුල හැර තබාගෙන දරුවන් ප්‍රාණ ඇපයට තබා සිටි අතර, පොලිස් විශේෂ කාර්‍ය බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් සැකකරු සමඟ සාකච්ඡා කර අත්බෝම්බයේ අගුල යළි ස්ථාන ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැය නවයක් තිස්සේ සැකකරු සමඟ සාකච්ඡා කරමින් ඉල්ලා සිටියේ දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට පැමිණි ලෙසයි.

එහෙත් සැකකරු එම ඉල්ලීම්වලට සවන් නොදෙමින් දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම නිසාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එක්වරම කාමරයේ දොරවල් කඩා දමා සැකකරු අත්අඩංගැනීමට කටයුතු කර තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු 38 හැවිරිදි සැකකරු හංවැල්ල පොලීසිය විසින් අද (06) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

මේ අතර ප්‍රාණ ඇපයට ගත් දරුවන් දෙදෙනාට සැකකරු විසින් යම් එන්නතක් ලබාදී ඇති බැවින් ඔවුන් දෙදෙනා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රථිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33