දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා අද උසාවියට (වීඩියෝ)

අත්බෝම්බයක් ද සමඟ තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අද (06) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සැකකරු අද (06) හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි හංවැල්ල පොලිසිය පැවසුවේ.

හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (05) රාත්‍රියේ තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී බිරිඳ නිවසින් පළාගොස් ඇති අතර, එහිදී සැමියා විසින් තම අවුරුදු 10ක දැරිය සහ වයස අවුරුදු 02ක පිරිමි දරුවාව නිවස තුළ ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳව ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ හංවැල්ල පොලිසිය පැයක පමණ මෙහයුමකින් පසු ප්‍රාණ ඇපයේ සිටි දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මුදාගැනීම සමත්ව තිබෙනවා.

එහිදී සැකකාර පියා අත්බෝම්බය ද සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

දෙදෙනා අතර පැවති පවුල් ආරවුලක් මත සැකකරු විසින් මෙලෙස සිය බිරිඳ ඝාතනය කිරීමට උත්සාහකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රාණ ඇපයෙන් මුදාගත් දරුවන් දෙදෙනා ප්‍රථිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59


?