රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් වාසි ගන්නා ලංකාවේ රැකියා ජාවාරම්කරුවෝ (වීඩියෝ)

රුසියානු හමුදාවේ ඉදිරිපෙළ ආරක්ෂක කටයුතු සඳහා මෙරට විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් විදෙස්ගත කිරීමේ ජාවාරමක් දසත නිවුස් ඔස්සේ ඊයේ (04) දිනයේ වාර්තා කළා.

හමුදා සහායක සේවා ලබා දෙන බවට ව්‍යාජ තොරතුරු ලබා දී මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව ඊට හසු වී දැනට රුසියානු හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කරන හමුදා සාමාජිකයන් පිරිසක් දසත නිවුස් වෙත පැවසුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ නිසි සේවා ගිවිසුමකින් තොරව කිසිඳු ලෙසකින් විදෙස්ගත නොවිය යුතු බවයි.

රුසියානු – යුක්‍රේන යුධ ගැටුම් තීව්‍ර වීමත් සමඟ මෙරට හමුදා සාමාජිකයින්ට යම් යම් වරප්‍රසාද සහිතව රුසියානු හමුදාවේ රුකියා සඳහා අවස්ථාව හිමි වුණා.

මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් විදෙස් රැකියා ජාවාරම්කරුවන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන රුසියානු හමුදාවේ පරිපාලන රැකියා සඳහා බව පවසමින් මෙරට විශ්‍රාමික යුධ හමුදා සාමාජිකයින් විදෙස් ගත කිරීමේ නීති විරෝධී ජාවාරමක්
ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස රුසියානු හමුදාවේ සහයක සේවා රැකියා බලාපොරොත්තුවෙන් ගිය හමුදා සාමාජිකයින් මේ වන විට යුද්ධයේ තියුණු සටන් පවතින ප්‍රදේශ වෙත යොදවා ඇත්තේ නිසි වැටුපක් හෝ නොමැතිවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06