ලන්ඩන් බලා ගිය ගුවන් මගීන්ට අකරතැබ්බයක්

ලන්ඩන් බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක මගීන්ට ඔස්ට්‍රියාවේ වියානාහි පැය ගණනාවක් සිරවී සිටින්නට සිදුව තිබෙනවා.

වියානා වෙත ගොඩබෑ යානයේ තාක්ෂණික දෝෂයක් හට ගැනීම ඊට හේතුවයි.

මගීන් චෝදනා කරන්නේ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය ඇති වූ තත්ත්වය නිසි ලෙස කළමනාකරණයට අපොහොසත් වූ බවයි.

කටුනායක සිට ලන්ඩනයේ හීතෲ බලා පසුගිය බදාදා පස්වරු 1.05ට පිටත්වූ UL 503 ශ්‍රී ලන්කන් ගුවන් යානය ඔස්ට්‍රියාවේ වියනා වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

ඒ යානයේ සිටි කුඩා දරුවෙකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.
කෙසේ වෙතත් යානයට සිය ගමනාන්තය වෙත යළි පිටත්ව යෑමට නොහැකි වී ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.

උද්ගත වූ තත්ත්වය හමුවේ මගීන්ට පැය ගණනාවක් වියානා ගුවන්තොටුපොළේ රැඳී සිටීමට සිදු වුණා. ඔවුන් චෝදනා කළේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ නිසි පරිදි තමන්ව දැනුවත් කිරීමට හෝ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය අපොහොසත් වූ බවයි.

ව්‍යාපාරික පන්තියේ ගමන් කළ මගීන්ට පමණක් හෝටල් කාමර වෙන් කර දී ඇති අතර සෙසු මගීන්ට සිදු වූයේ ගුවන්තොටුපලේ රැඳී සිටීමටයි. ඔවුන් වෙනුවෙන් අවම මූලික පහසුකම් හෝ සපයන්නට ගුවන් කාර්ය මණ්ඩලය කටයුතු නෙකළ බවටද චෝදනා එල්ල වනවා.

තාක්ෂණික දෝෂය නිරාකරණය කර ගැනීමෙන් පසු යානය වියනා වෙතින් පිටත් ව ගියේ ඊයේ පස්වරුවේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39