තෙමස් අලි පැටවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

පුත්තලම – කරුවලගස්වැව ප්‍රදේශයෙන් මාස 3ක් වයසැති අලි පැටවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුරියාකුලම්, එකෝදපිටිය ප්‍රදේශයේ තිබී මාස 3ක් වයසැති අලි පැටවෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවයි.

කරුවලගස්වැව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සැක කරන්නේ මෙම අලි පැටවා විශාල අලින්ට පෑගී මිය යන්නට ඇති බවටයි.

මියගිය අලි පැටවාගේ දේහය මිහිදන් කිරීමට පියවර ගත් බවයි වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?