වතු කම්කරු වැටුප වැඩි කරන්න බැහැ

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි පැවසුවේ.

කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර විසින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය පෙරේදා දිනයේ නිකුත් කරනු ලැබීය.

ඒ අනුව දෛනික වේතනය රුපියල් 1,350ක් වන ලෙසත් දෛනික විශේෂ දීමනාව රුපියල් 350ක් වන ලෙසත් වතුකම්කරු වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ දැමුවා.

කෙසේවෙතත් අදාළ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයෙන් සිදුකළ විමසීමකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ අවස්ථාවේ අදාළ වැටුප් ඉහළ නැංවීමට හැකියාවක් නොමැති බවයි.

දැනටමත් අපේ ලංකාවේ තේවලට ඉතා ශීඝ්‍රයෙන් ලෝක වෙළෙඳපොළ අහිමි වෙමින් යනවා මිල ගණන් වැඩි නිසා. මේකෙන් තේ නිෂ්පාදකයින් ලොකු ප්‍රශ්නයකට මුහුණදෙනවා. අපි හදපු ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපි බලමු උපදෙස් අරන් මොනවා ද කරන්න පුළුවන් කියලා. ගෙවන්න බැරි දේකට කැමති වුණොත් නීතිමය ප්‍රශ්නයකුත් එනවා. යෝජනාව හාත්පසින්ම විරුද්ධයි. ගැසට් එකක් ආවා කියලා දැනගන්න ලැබුණා. බලමු ඉදිරියට මොකද්ද කරන්නේ කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?