ගුටි කෙළියක් මරණයෙන් කෙළවර වෙයි

මිතුරන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (29) සවස මෙම ගැටුම හටගෙන ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?