කම්කරු දිනය සමරන්න දේශපාලන පක්ෂ සූදානමින් – කොළඹට අද සිට විශේෂ ආරක්ෂාවක්

හෙට ට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අද (30) දිනයේ සිට විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

කොළඹ නගරය ඇතුළු මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ කොළඹ නගරයේ මැයි දින පෙළපාලි සහ රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,000ක් යොදවා ඇති බවයි.

ඊට අමතරව තවත් පොලිස් නිලධාරීන් 4000ක පිරිසක් අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගතයුතුවීම අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය වෙනුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව කොළඹ නගරයේ සංවිධානය කර ඇති මැයි දින පෙළපාලි හා රැළි ගණන 14ක්.

ඒ, අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට මෙවර සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදීයි.

මේ අතර සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොටුව චැතැම් වීදියේදී පැවැත්වීමට මෙවර සැලසුම් කර තිබෙනවා.

චැතැම් වීදියේදී පැවැත්වෙන මැයි දින රැළිය සඳහා පැමිණීමට කොළඹ ගුණසිංහපුර ක්‍රිඩාංගණයේ සිට පෙළපාලියක් ද සංවිධානය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එහි ප්‍රධාන රැළිය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහාවන මැයි දින පෙළපාලිය කොළඹ බී. ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16