රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයේ හිල් ගොඩක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ යෝජනාක්‍රමයේ කිසිදු විනිවිදභාවයක් නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා.

ඒ, අනුව මෙහි ගැටලු රැසක් පවතින බැවින් මුදල් අමාත්‍යාංශය, මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යන සියලු ආයතන ඒකාබද්ධව මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් සිදුකොට සති 02ක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙසයි එම කාරක සභාව දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මෙම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට අනුමැතිය ලබාදීමට හැකියාවක් නොමැති බවද කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළා.

මෙම ක්‍රමවේදය හරහා බලාපොරොත්තු වූ අරමුණ වන විදේශ ප්‍රේෂණ සැළකිය යුතු මට්ටමෙන් ලැබී තිබේද, නොඑසේනම් යම් යම් පුද්ගලයන් කිහිපදෙනෙකු මෙම පහසුකම අවභාවිත කර තිබේද යන්න සොයාබලා මෙම විශ්ලේෂණාත්මක වාර්තාව සකස් කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය 2024 සැප්තැම්බර් 30 දක්වා දිගු කිරීම සදහා පළ කරන ලද අංක 2368/24 දරණ ගැසට්පත්‍රය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා වූ අවස්ථාවේ දී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසුවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ යෝජනාක්‍රමය ක්‍රියාත්මක වූ අතර ඇමරිකානු ඩොලර් 20000ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කර ඇති ශ්‍රමිකයන්ට රුපියල් මිලියන 12 දක්වා සුඛෝපභොගී මෝටර් රථ බදු සහනය ලබා දී තිබෙනවා.

2023 පෙබරවාරි 10 ගැසට් පත්‍රයෙන් මුල් වරට ක්‍රියාත්මක වූ මෙම යෝජනා ක්‍රමයේ කාලය 2023 මැයි 31දින නිකුත් කළ ගැසට් පත්‍රය මගින් දිගු කිරීමක් සිදුකර ඇති අතර, නැවත 2024.01.24 ගැසට් පත්‍රය මගින් තවදුරටත් දිගු කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිට වාහන ගෙන්වන ලද පුද්ගලයන් ඇතුළු අදාළ සියලු තොරතුරු ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් මුදල් අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබුණ ද රහස්‍ය හා පෞද්ගලික තොරතුරු ලබාදීම පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය දන්වා ඇති බව ද කාරක සභා සභාපතිවරයා සදහන් කළා.

කෙසේ වෙතත් ඒ අනුව මෙහි කිසිදු විනිවිදභාවයක් හෝ නිසි නියාමනයක් නොමැති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දුන්නේ.

මෙම තත්ත්වය තුළ මේ හරහා විවිධ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා රැසක් කාරක සභාවට වාර්තා වී ඇති බව සදහන් කළ සභාපතිවරයා පැවසුවේ මෙම බදු සහනය මගින් රු. මිලියන 100 සිට වාහන ගෙන්වා ඇති බවයි.

මේ වන විට බලපත්‍ර 1019ක් ලබා දී ඇති බවත් ඩොලර් මිලියන 109.8ක් මේ හරහා ප්‍රේෂණ ලැබී ඇති බවත්, මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම මෙතෙක් ලබාදී ඇති බලපත්‍රවල වටිනාකම ඩොලර් මිලියන 46ක් බව ද නිලධාරීන් පැවසුවා.

මෙම ප්‍රේෂණ මුදල් එකවර ගිණුමට එක්වුව ද විදෙස් ශ්‍රමිකයෙක් මෙම පහසුකම සදහා සුදුසුකම් ලැබීම තුළ මේ හරහා අක්‍රමිකතා සිදුවිය හැකි බවත් මෙම ක්‍රමය හරහා විවිධ ජාවාරම්කරුවන්ට මුදල් විශුද්ධිකරණය සදහා ද අවකාශය සැලසෙන බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නා.

එසේම බොහෝ සාමාන්‍ය රැකියාවල් කරන ශ්‍රමිකයන් මෙතරම් වටිනාකමක් සහිත වාහන ගෙන්වා ඇත්දැයි සැකයක් මතුවන බවත් කාරක සභාවේදී සාකච්ඡා වුණා.

එමෙන්ම වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක දැනට වාහන ආනයනය සදහා පවතින එකම අවස්ථාව මෙය බැවින් අක්‍රමිකතා සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

මෙම ක්‍රියාවලියේ පහසුකම් සපයන්නා (Facilitator) නමින් පිරිසක් සිටින බවත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා දී නැති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.

මේ අනුව එම තොරතුරු ද කඩිනමින් ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව එකී සියලු තොරතුරු ඉදිරියේ දී සලකා බලා මෙම ගැසට් පත්‍රයට අනුමැතිය ලබාදීම පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බව කාරක සභා සභාපතිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14