‘සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්’ ආයතනය ශ්‍රී ලන්කන් මිලදී ගන්න ලංසු තබයි

ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුකරමින් ආර්.එම්. මනිවන්නන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ආයතනය’ මෙරට ජාතික ගුවන් සේවයවන ශ්‍රී ලංකන් ගුවන් සේවය අත්පත් කර ගැනීම වෙනුවෙන් ලංසු තැබීමේ ක්‍රියාවලියට පිවිස තිබෙනවා.

පසුගිය 27 වනදා අවසන් වූ උනන්දුව ප්‍රකාශය කිරීමේ ක්‍රියාවලියට සිය කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශකරමින් කරන ලද පිවිසීමත් සමඟ, මෙම ලංසු තැබීමේ අවස්ථාවට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම අනුග්‍රාහකත්වය දකවන ශෙරිනා ටෙක්නොලොජීස් සමාගමේ සුවිශේෂී භාගීත්වය දැකගත ගැකි වුණා.

සුප්‍රීම් ග්ලෝබල් සමගම විසින් MBS Investments, කටාර්හි ෂෙයික් නයෙෆ් බින් ඊඩ් අල්තානිගේ පුද්ගලික කාර්යාලයේ ආයෝජන අංශය සහ මීට පෙර සන් එඩිසන් එනජි ඉන්දියන් ප්‍රයිවට් ලිමිටට් ලෙස හැඳින් වූ ෂෙරිෂා ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම ඇතුළු ශක්තිමත් ප්‍රබල ආයෝජන සමාගම් කිහිපයක් එකමුතුවෙන් ශක්තිමත් සමුහයක් පිහිටුවා තිබෙනවා.

මෙම උපායමාර්ගික සන්ධානය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා සුප්‍රීම් ග්ලෝබල් හි ප්‍රයත්නයට අනුග්‍රහය දැක්වීම සඳහා සැලකිය යුතු මූල්‍ය හා මෙහෙයුම් කුසලතාවයක් ගෙන ඒමට සූදානම්.

මූල්‍ය අලාභ සහ උපායමාර්ගික නොගැලපීම් ඇතුළුව වසර ගණනාවක් පුරා අභියෝග රාශියකට මුහුණ දුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුද්ගලීකරනය කිරීමට යන තීරණාත්මක මොහොතකට මේ වනවිට එළඹ තිබෙනවා.

පළපුරුදු ව්‍යාවසායකත්වය සහ ජාත්‍යන්තර ව්‍යවසායක සමාගම් හා එකතුව ගොඩනගන්නා වූ මූල්‍යමය ශක්‍තියෙන් ශ්‍රී ලංකාව වඩාත් සමෘද්ධිමත් දිශානතියකට යොමු කිරීමට පුද්ගලික ව්‍යවසායකත්වයට හැකියාව ඇති සුප්‍රීම් ග්ලෝබල් සමාගම ඒ, වෙනුවෙන් නව්‍ය හා උපායමාර්ගික සැලසුම් හදුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවයට ජවයක් සහ ලාභ සහිත ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර සුබවාදි දිශානතියකට යොමු කිරීමට මූලික පියවර දැනටමත් අරඹා තිබෙනවා.

“ඉන්දු-ලංකා කලාපයේ වත්මන් භූ දේශපාලන ගතිකත්වය අනුව මෙම ලංසුව විශේෂයෙන් කැපී පෙනේ. ෂෙරීෂා පුද්ගලික සමාගමට ඉන්දීය රජයේ සහය ලැබෙන බව දැඩි ලෙස විශ්වාස කරන අතර, ශ්‍රී ලංකා සමාගමක් ප්‍රබල ඉන්දීය සමාගමක් සමඟ සම්බන්ධ වීම සහ කටාර් ආයතනයකින් සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහයක් ලැබීම, මෙම කලාප අතර සබඳතා සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා ශක්තිමත් කිරීම සංකේතවත් කරයි. කටාර්හි අති විශාල ආයෝජනයක් සහ උපාය මාර්ගික ආයෝජන ගෝලීය වශයෙන් එය මෙම වැඩපිළිවෙළෙහි ප්‍රබල බවට පත් කරයි. වැඩිදියුණු කළ මෙහෙයුම් හැකියාවන් සහ වඩා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් සඳහා මෙම සබඳතා උපයෝගී කරගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවස්ථාව ලබා දෙයි.”

තවද, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් විසින් මෑත කාලීන බලශක්ති අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සිදුකළ සිය කැපවීම දැනටමත් පෙන්නුම් කර තිබෙනවා.

ඒ, අනුව ගැඹුරු ආර්ථික අර්බුදයක් වැලැක්වීමට උපකාරී වූ ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සඳහා ශ්‍රී ලංකා රුපියල් භාර ගැනීම වැනි නව්‍ය ගෙවීම් විසඳුම් සමඟින් මූල්‍යමය වශයෙන් අර්බුදකාරී රටට ඩොලර් බිලියන 1.5 කට අධික ණය ලබාදීමෙන් මියැදෙමින් තිබූ රටේ ආර්ථිකයට ජීවන මාර්ගයක් ලබාදීම සිදුකරනු ලැබුවා .

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අනාගත අත්පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ තවදුරටත් ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා ද සුබවාදී ඇරඹුමක් වනු ඇති.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කටාර් යන රටවල ව්‍යාප්තව ඇති ඒකාබද්ධ විශේෂඥතාව සහ සම්පත්, ගුවන් සේවය පුනර්ජීවනය කිරීමට පමණක් නොව ජාත්‍යන්තර ගුවන් සේවා වෙළඳපොළ තුළ එහි තරඟකාරිත්වය ඉහළ නැංවීමට ද සපතකර තිබෙනවා.

මෙම පාර්ශ්වකරුවන් සහ නිරීක්ෂකයින් සමීපව නිරීක්ෂණය කිරීමේ දී මෙම ව්‍යවසායක තීරණය තුළ ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අනාගත ගමන් මඟ ඉතා සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49