චෙන්නායි ජයග්‍රහණයෙන් IPL ප්‍රසාද ලකුණු සටහනේ වෙනසක් – මතිෂගෙන් සුපිරි පන්දු යැවීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (28) රාත්‍රියේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 78ක ජයක් හිමිවුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ සිට ස්ථාන 03කින් ඉදිරියට පැමිණීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

චෙන්නායි හි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට චෙන්නායි කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 212ක්.

එහිදී චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් සුපිරි ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 54ක් තුළ ලකුණු 98ක් රැස්කළ අතර, ඩැරල් මිචෙල් ලකුණු 52ක් චෙන්නායි ලකුණු පුවරුවට එක් කළා.

බුවනේෂ්වර් කුමාර්, ටී නටරාජන් සහ ජයදේව් උනද්කට් විසින් චෙන්නායි ඉනිමේ බිඳ වැටුණු කඩුලු 03ට හිමිකම් කීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 213ක ඉලක්කයක් හඹා යාමට හයිද්‍රාබාද් ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර, වෙනදා මෙන් සුපිරි ආරම්භයක් මෙම තරගයේ දී ලබාදීමට ආරම්භක පිතිකරුවන් යුගළය වන ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මාට අවස්ථාව හිමිවුයේ නැහැ.

කෙසේ වෙතත් හයිද්‍රාබාද් ඉනිම තරමක් ඉහළට ඔසවා තබන්නට උත්සාහයක නිරත වූ ඒඩන් මාක්‍රම් ලකුණු 32ක් රැස්කළ අතර, සුපිරි යෝකර් පන්දුවකින් ඔහුව දවාගන්නට මතීෂ පතිරණ සමත් වුණේ ජයග්‍රහණය චෙන්නායි දෙසට හරවමින්.

මෙවර තරගාවලියේ ප්‍රවේගකාරී පිතිකරුවෙක් බවට පත්ව සිටින හෙන්රිච් ක්ලාසන්ගේ කඩුල්ල ද මතීෂ පතිරණ විසින් දවාගත් අතර, හෙන්රිච් ක්ලාසන් ඊයේ තරගයේ දී රැස් කළේ ලකුණු 20ක් පමණයි.

මාක්‍රම් සහ ක්ලාසන් හැරෙන්නට අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පැමිණීමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ, අනුව පන්දුවාර 18යි පන්දු 05ක් තුළ හයිද්‍රාබාද් ක්‍රීඩකයින් සියල්ලන දැවී රැස් කළේ ලකුණු 134ක් පමණයි.

පන්දු යැවීමේ දී තුෂාර් දේශපාන්ඩේ කඩුලු 04කක් දවාගත් අතර, මුස්තාෆිසුර් රහ්මාන් කඩුලු 02ක් බිඳ දැමුවා.

මතීෂ පතිරණ පන්දුවාර 02ක් තුළ ලකුණු 17ක් පමණක් ලබාදී කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

මේ අතර හයිද්‍රාබාද් කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ඒක්‌ ස්ථානයක් පහළට පැමිණ තිබෙනවා.

තරගයේ විශේෂ අවස්ථා මෙතැනින්..

01 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03