නොසැලිකිලිමත් රියදුරෙක් නිසා බසයට ගොඩවුණු මවට හා දියණියට උන දේ

පේරාදෙණිය – නුවර මාර්ගයේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට තැත් කළ කාන්තාවක් බසයෙන් ඇද වැටෙන අයුරු වීඩියෝවක සටහන්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ සවස 4.40ට පමණය

මෙහිදී බස් රථයකට දියණියක් සහ මවක් ගොඩ නගින්න උත්සාහ කරන අතර දියණිය බස් රථයට ගොඩ වෙනවාත් සමඟම බස් රථය ගමන් කිරීම ආරම්භ කරයි.

නමුත් මවට බස් රථයට නැගීමට නොහැකි වන අතර ඇය එක්වරම බස් රථයෙන් ඇද වැටෙන ආකාරය ද දැකගත හැකි විය.

මව බස් රථයෙන් වැටෙනවා දුටු දියණියද ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් බිමට පනින අතර ඇයවද මහා මර්ගයේ ම ඇද වැටෙන ආකාරය ද එම වීඩියෝවේ සටහන්ව තිබුණි.

මෙම අනතුර සිදුවන ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටින රථවාහන පොලිස් නිලධාරියෙකු ද සිටින අතර ඔහු බස් රථය නවතා ගන්නට සමත් වෙයි.

මාර්ග සංඥාවක් අසළ දී බස් රථයට මෙම මව සහ දියණිය නැගීමට උත්සාහ කිරීම නිසා මෙම අනතුර සිදු වුණා යැයි පිරිසක් සඳහන් කරන අතර තවත් පිරිසක් කියා සිටියේ පේරාදේණිය – නුවර මාර්ගයේ ධාවනය වන බස් රථ බස් නැවතුම්පොළ තුළ පමණක් නොව පාරේ මගීන් ඇති ඕනෑම තැනක තැනක් නොතැනක් බලා නවත්වන බවත් ඒ නිසා මෙවැනි අනතුරු සිද්ධ වෙන බවයි.

මෙම අනතුරින් කිසිවෙකුට බරපතළ හානියක් සිදු නොවුණු බව සඳහන් වෙයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

https://youtu.be/0y7-1aBiafM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19