වැලිකන්ද කෙත් ඇළට වැටුණු දරුවා කිලෝමීටර් 02ක් ගසාගෙන ගිහින්

ඊයේ (26) දහවල් පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු කුඩා දරුවෙක් කිලෝමීටර් 02ක් පමණ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද, ජයවික්‍රම ගම, මහවැලි සිංහපුර, අංක 27 ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 02ක පිරිමි දරුවෙක්.

දරුවාගේ මව අවුරුදු උත්සවයක් නැරඹීමට දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේ මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කළේ.

වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවය කරන සේවකක්, දරුවා ඇලේ ගසාගෙන යන අයුරු දැක තවත් පිරිසක් සමඟ එක්ව දරුවා ගොඩගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි වැලිකන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථනය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14