ඇල්ල – කරදගොල්ලේ නාය යෑමක් සක්‍රීය වෙයි (ඡායාරූප)

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නාය යෑමක් සක්‍රීය වී තිබෙනවා.

නාය යාමට ලක් වූ භූමිය අක්කර 02ක පමණ භූමි භාගයක් වන අතර, මෙහි බලපෑම අක්කර තිහක පමණ වපසරියකට විහිදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නාය යෑම තවදුරටත් පැවතිය හොත් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ද බලපෑම් ඇතිවිය හැකි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

ඔවුන් පවසන්නේ මීට වසර කීපයකට පෙර මෙම ප්‍රදේශයේ ඉරිතැලීම් ඇති වූ බවත්, ඒ හේතුවෙන් වරින් වර මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කළ බවයි.

උමා ඔය ජලාශයේ උමඟට ජලය පිරීමත් සමඟ මෙම ප්‍රදේශයට ගලාගෙන එන ජල ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ප්‍රදේශවසින් පවසනවා.

මේ වන විට නිවාස 08ක ජනතාව එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, නාය යන භූමිය තුළ රොම්මඩ ගලාගෙන යන අයුරු ද දක්නට තිබෙනවා.

WhatsApp Image 2024 04 26 at 8.50.30 AM
WhatsApp Image 2024 04 26 at 8.50.29 AM 1
WhatsApp Image 2024 04 26 at 8.50.29 AM
WhatsApp Image 2024 04 26 at 8.50.28 AM
WhatsApp Image 2024 04 26 at 8.50.27 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14