එක්ස්ප්‍රස් පර්ල් විමර්ශන කඩිනම් කරන්න – උසාවියෙන් පොලීසියට නියෝග

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ මෙම සිද්ධියට අදාළව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා නඩු විභාගයක් පැවැත්වෙන බවයි.

එම තත්ත්වය යටතේ තවදුරටත් විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි නීතිඥවරු ප්‍රශ්න කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට දැනුම් දුන් අතර එහි ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41