ෆොක්ස් හිල් අනතුර ගැන සොයන්න යුද හමුදාවෙන් කමිටුවක්

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.

මෙම කමිටුවට සාමාජිකයින් හත්දෙනෙක් ඇතුළත්.

මෙම කමිටුව විසින් අනතුරට හේතු පාදක වූ කරුණු මොනදවාද, වගකිවයතු අය කවුරුන්ද, තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ආරක්ෂාව තහවුරුකොට තිබුණේද, ධාවන පථයේ ප්‍රමිතිය සැබැඳිව වගකිවයුතු පාර්ශ්ව හා ආයතන නිසි පරිදි ක්‍රියා කර තිබුණේද, සහ ඉදිරියේ දී එවැනි අනතුරු සිදුවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද, යන්න ඇතුළු කරුණු ගණානාවක් පිළිබඳව සොයා බැලීමට නියමිතයි.

පසුගිය ඉරිදා (21) පැවති ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතර තුර මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරින් තවත් 19 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් බදුල්ල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ධාවකයින් දෙදෙනා ඊයේ (22)පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

සැකකරුවන් පරික්ෂා කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ (22) පෙරවරුවේ දියතලාව මූලික රෝහලට පැමිණි අතර, අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26