මොරගහහේනේ පොලිස් වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

අද (23) අලුයම මොරගහහේන, මිල්ලෑව හන්දිය, පුවක්වත්ත ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් දෙදෙනා ගැන මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් අපරාධ රැසකට සම්බන්ධ තණමල්විල, සූරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි සුරාජ් ප්‍රබෝධ නැමැත්තෙකු බවයි වාර්තා වන්නේ.

අනෙක් පුද්ගලයා යුද හමුදා විශේෂ බලකායේ සේවය කළ ඉමේෂ් ධනුෂ්ක දර්ශන නොහොත් “මත්තේගොඩ සුදා” නැමැත්තා බවයි වාර්තා වන්නේ.

“මත්තේගොඩ සුදා” නැමැත්තා මීට වසර දෙකකට පමණ ඉහත දී “රත්මලානේ කුඩු අංජු” නැමැත්තාගේ අනුදැනුම මත රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව රහසිගතව විදේශගත වූ පාතාල ක්‍රියාකාරිකයකු වන “වැලිඔය ප්‍රියන්ත” නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අද අලුයම් කාලයේ මීගොඩ පොලිසියේ නිලධාරීන් බෙරුකැටිය ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ක්ෂණික මාර්ග බාධකයක් දමා රථවාහන සෝදිසි කිරීමේ යෙදී සිටිය දී තීරෝද රථයක් නැවතීමට අණකර සිටි අවස්ථාවක පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් ද එල්කර එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මොරගහහේන ප්‍රදේශයට පළායන ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් පොලිස් පණිවුඩයක් ලබා දී ඇති අතර, මොරගහහේන නගරයේ රැඳී සිටි පොලිස් කණ්ඩායමක් විසින් එම පණිවුඩය දැනගෙන අධික වේගයෙන් පැමිණි තීරෝද රථයට නතර කිරීමට සංඥාකර තිබෙනවා.

එහිදී ත්‍රිරෝද රථයෙන් පොලිස් ජීප් රථය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ජීප් රථයෙන් ත්‍රිරෝද රථය පසුපස හඹා ගොස් පුවක්වත්ත ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයට වෙඩි තබා තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි දෙදෙනෙක්ට වෙඩි වැදී ඇති අතර, ත්‍රිරෝද රථයේ සිටි තවත් පුද්ගලයෙක් අසල පිහිටි රබර් වත්තකට පැන පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය පැවසුවේ එලෙස පළාගිය පුද්ගලයා කසුන් නැමැත්තකු බවට තොරතුරු ලැබී ඇති බවයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා පොලිස් ජීප් රථයෙන්ම හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් තිබූ බව පොලිසිය පැවසුවා.

සිද්ධිය වූ ස්ථානයට සහ හොරණ මූලික රෝහල වෙත පැමිණි හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, මොරගහහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51