උලපනේ සුමංගල හිමි රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී උලපනේ සුමංගල හිමියන් ඇතුළු තුන්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන් ඇතුළු දෙදෙනෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට පස්සේ බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
6
+1
3
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරට දැන් 58යි - තව අවුරුදු 25ක් ඉන්න පුළුවන් ද..?
02:24
Video thumbnail
වෙඩිල්ලක් නිසා ෆයර් වුණු බත්තරමුල්ලේ සීලරතන සාදු...
01:19
Video thumbnail
පාඨලීගෙන් අනතුරු අඟවීමක් - ලොකු ප්‍රශ්නයක් එනවා
08:21
Video thumbnail
සේවක අර්ථසාධක අරමුදල ගැන මහ බැංකු අධිපති කළ ප්‍රබල ප්‍රකාශය - වැලිව් එක වෙනස් වෙනකොට අඩුවෙනවා
02:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.22
06:14:41
Video thumbnail
මේ පාර අස්වැන්න වැඩියි - රට පුරා වී ගබඩා විවෘත කරලා තියෙනවා
03:38
Video thumbnail
මේක කියන්න බයවෙන්න ඕනේ නෑ - සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
16:14
Video thumbnail
සුගීශ්වර යන ගමන් කෑගහලා කියපු දේ
01:26
Video thumbnail
නැවත රිමාන්ඩ් වුණ සුගීශ්වර යන ගමන් කෑගහලා කියපු දේ - "අධිකරණය ගැන පූර්ණ විශ්වාසයි.."
01:55
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාව පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
00:45