කිම් ජොන් උන් වෙනුවෙන් නිර්මාණය කළ “ෆ්‍රෙන්ඩ්ලි ෆාදර්” එළිදකී (වීඩියෝ)

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘මිත්‍රශීලී පියකු’ සහ ‘ශ්‍රේෂ්ඨ නායකයකු’ ලෙස ප්‍රශංසා කරමින් නව ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

එය හුදකලා රාජ්‍යයේ ඔහුගේ ස්ථාවරය වැඩි දියුණු කිරීමේ ප්‍රචාරක මෙහෙයුමක කොටසක් වන බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.

“ෆ්‍රෙන්ඩ්ලි ෆාදර්” ලෙස එම ගීතය නම් කර තිබෙනවා.

මෙම ගීතය ඇතුළත් වීඩියේ පටය රාජ්‍ය පාලිත කොරියානු මධ්‍යම රූපවාහිනිය විසින් විකාශය කරනු ලැබුවා.