Online පාස්පෝට් ඉල්ලූ 75%ක් ප්‍රතික්ෂේප වෙයි

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කළ අයදුම්කරුවන්ගෙන් 75% කගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ එලෙස ඉල්ලුම් කළ ඉල්ලුම්කරුවන් 75% ක්ම තාක්ෂණික දැනුමින් තොර වීම හා ඇතැම් ලිපිලේඛන අවිධිමත් අන්දමින් යාවත්කාලීන කර තිබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

එම නිසා ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාද වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඇතැම් පුද්ගලයන් මාර්ගගතව අයැදුම් කිරීමේදී උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් ඡායාරූප අපැහැදිලි අන්දමින් ජාලගත කිරීමත්, ඇතැමුන් වෙනත් පුද්ගලයන්ගේ ජංගම දුරකතන අංකවලින් අයැදුම් කර තිබීමත්, ඔවුන්ව ගැටලු පහදාදීම සඳහා සම්බන්ධ කර නොගැනීමත් මත වලංගු ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කරදීමට නොහැකි වී තිබෙන බවයි ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ.

එමෙන්ම ඔහු අවධාරණය කළේ ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගතව හඳුන්වාදෙමින් ඒ වෙනුවෙන් ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හඳුන්වා දුන් බවත් ඒ අනුව තෙදින හා සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කළ හැකි බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49