ඉරාන ජනපතිගේ සංචාරයට ඇමරිකාවේ අප්‍රසාදය

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය විරෝධය ශ්‍රී ලංකා රජයට පළකර ඇතැයි වාර්තා වනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉරාන ජනාධිපතිවරයා ලබන බදාදා මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳව පූර්ව ආරක්ෂක කටයුතු සොයා බැලීම සඳහා ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් ඊයේ දිවයිනට පැමිණ තිබුණා.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයට ආරක්ෂාව සැපයීම සඳහා ගත යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදුන්නා.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත සෘජුවම පැමිණීමට නියමිත අතර එතැන් සිට විශේෂ ආරක්ෂාවක් යටතේ ඔහු උමා ඔය ව්‍යාපෘති භූමිය වෙත කැඳවා ගෙන යනු ඇති.

විවෘත කිරීමේ උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා යළි මත්තල හරහා මෙරටින් පිටත්ව යනවා. ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව මෙන්ම ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවාව දැඩි අවධානයෙන් සිටින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙරට සියලුම බුද්ධි ඒකක ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයේ ආරක්ෂක කටයුතු සඳහා එක්ව වන අතර යුද හමුදා කමාන්ඩෝ ඒකකය ප්‍රභූ ආරක්ෂාව භාරව කටයුතු කරන බව ඉහළ පෙලේ ආරක්ෂක මූලාශ්‍රයක් තහවුරු කළා.

2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා එක්වූ මොහොතේදී උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉරාන ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14