කුඩු විකිණූ ගුරුවරිය හා මව අත්අඩංගුවට

කලක සිට ඉතා සූක්ෂ්ම අයුරින් කුඩු ජාවාරමේ නිරත උපාධිධාරී පාසල් ගුරුවරියක් සහ ඇගේ මව වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ, කොරසේ ප්‍රදේශයේ පදිංචි, මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිංහල විෂය උගන්වන 28 හැවිරිදි උපාධිධාරී ගුරුවරියක සහ ඇගේ මවයි.

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සැකකාර ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව, මල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකාරියන් දෙදෙනා පරීක්ෂාවට ලක් කිරීමේදී පාසල් ගුරුවරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.3 ක් සහ ඇගේ මව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4.5 ක් සොයා ගැනුණා.

සැකකාර පාසල් ගුරුවරිය තවත් පුද්ගලයින් යොදවා හෙරොයින් ග්‍රෑම් 01 සහ මිලිග්‍රෑම් 500 බැගින් වූ පැකට් සාදා නිට්ටම්බුව, තිහාරිය, මල්වත්ත, කොරසේ ඇතුළු ප්‍රදේශවල ඉතා සූක්ෂම අයුරින් සඟවා ඊසි කෑෂ් ක්‍රමය යටතේ මුදල් ලැබුණු පසු හෙරොයින් සැඟවූ ස්ථාන ගැනුම්කරුවන්ට පවසන බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

කුඩු සඟවන ලද ස්ථාන පිළිබඳව සටහන් තැබූ සටහන් පොතක් සහ ජාවාරම් සඳහා යොදාගත් යතුරුපැදියක්ද වේයන්ගොඩ පොලිසිය සිය භාරයට ගත්තා.

සැකකාර ගුරුවරියගේ පියා වේයන්ගොඩ ප්‍රදේශයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අතර දින කිහිපයකට පෙර ඔහු බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පැවසුවා.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකාරියන් දෙදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34