ගුජරාට් පිළ හමුවේ රාජස්ථාන් ක්‍රීඩකයින් පරදියි

මෙවර IPL තරගාවලියේ පළමු පරාජය විඳ ගන්නට රාජස්ථාන් ක්‍රීඩකයින්ට ඊයේ (10) සිදු වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 196ක් රැස් කර ගැනීමට සමත් වුණා.

තෙවැනි කඩුල්ලට ලකුණු 130ක සබඳතාවක් ගොඩනගමින් රාජස්ථාන් ඉනිම සවිමත් කළේ සන්ජු සැම්සන් සමගින් රියන් ප්‍රරාග්.

අනිත් අන්තයේ පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වෙද්දී රාජස්ථාන් පිතිකරුවන් මෙල්ල කළ රෂීඩ් ඛාන් සිය පන්දුවාර හතර තුළ ලබා දුන්නේ ලකුණු 18ක් පමණයි.

එසේ නොවන්නට ගුජරාටයේ ජයග්‍රාහී ඉලක්කය අනිවාර්යයෙන්ම ලකුණු 200 ඉක්මවන්නට ඉඩ තිබුණා.

කෙසේ වෙතත් ජයග්‍රහණය ගුජරාටයේ අතපොවන මානයෙන් ඉවත තබා ගන්නට රාජස්ථාන් පන්දු යවන්නන් 18 වැනි පන්දුවාරය වන සිට සමත්ව සිටියේ ලකුණු 157කට කඩුලු 6ක් බිඳ හෙලමින්.

ඒ පළමු කඩුල්ලට ශුබ්නම් ගිල් සහ සායි සුධර්ශන් ලකුණු 50ක සබඳතාවක් ගොඩ නගා තිබූ පසුබිමකයි.

රෂිඩ් පිතිකරුවෙක් ලෙස පිටියට පැමිණෙන්නේ ජයග්‍රහණය සඳහා පන්දු 15ක් තුළ ලකුණු 40ක් අවශ්‍යව තිබියදී.

රාහුල් සමග එක් වූ රෂීඩ් 19 වැනි පන්දු වාරයේදී ලකුණු 20ක් රැස් කළේ අවසන් පන්දුවාරයේ ඉලක්කය ලකූණු 15කට අඩු කර ගනිමින්.

තරගය තුළ අඩු පන්දු යැවීමේ වේගයක් පවත්වා ගෙන යෑම හේතුවෙන් හතරේ සීමාව ආරක්ෂා කිරීමට යෙදවිය හැකි වූයේ ක්‍රීඩකයින් සිව්දෙනෙක් පමණයි.

එහි උපරිම වාසිය ලබා ගත් රෂිඩ් පළමු පන්දු තුනට ලකුණු 10ක් රැස් කර ගත්තේ හතරේ පහර දෙකක් ද සමගින්. ලකුණු තුනක් රැස් කර ගැනීමේ උත්සාහයක් අතරතුර රෂිඩ් ඛාන් වෙනුවෙන් රාහුල් සිය කඩුල්ල පූජා කළේ අවසන් පන්දුවට ලකුණු දෙකක් ලබා ජයග්‍රහණය අත්කර ගැනීමේ වගකීමද පවරමින්.

එම පන්දුව හතරේ සීමාවෙන් ඉවතට යොමු කළ රෂීඩ් ගුජරාටයේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ තරගාවලියේ පළමු වරට පරාජයේ වේදනාව රාජස්ථානයට උරුම කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57