2030 දී ගුවන් හමුදා භටයින්ට කරන්න යන දේ

2030 වසර වන විට මෙරට ගුවන් හමුදාවේ භට පිරිස් සංඛ්‍යාව 35,000 සිට 18,000 දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පවසන්නේ ආරක්ෂිත කැමරා තාක්ෂණය හා AI තාක්ෂණය ඇතුළු තාක්ෂණය භාවිත කරමින් හා ඩ්‍රෝන කාත්ෂණය යොදගෙන භටයෙකු විසින් ලබා දෙන සේවය ලබා ගැනීමට හැකිවන බවයි.

ඊයේ (10) ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මෙසේද කීය.

“CCTV කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. AI තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි. අපි දැනට තියෙන තාක්ෂණය යොදාගෙන අපිට පුළුවන් භට පිරිස් අඩුකරන්න. උදාහරණයක් විදියට අපේ එක එයාර්බේස් එකක් කිලෝමීටර් ගණනාවක් සමහරවිට. කිලෝමීටර් 10ක් වගේ වුණොත් අපි භටයින් කී දෙනෙක් නවත්වන්න ඕනේ ද? ඒවට අපිට කැමරා වගේ දේවල් යොදාගෙන, තොරතුරු තාක්ෂණය යොදාගෙන හා ඩ්‍රෝන තාක්ෂණය යොදාගන්න පුළුවන්. ඉස්සර එක භටයෙක් ඉදිරි බලාගෙන ඉන්නවා යම් සීමාවක. නමුත් අපිට ඩ්‍රෝන යානාවක් යොදාගෙන කිලෝමීටර් 5ක් විතර බලාගන්න පූළුවන් එකවර. බොහෝම සරල තාක්ෂණයක් යොදාගෙන අපේ භටපිරිස් ප්‍රමාණය අඩුකරන්න තමා අපි බලන්නේ. ඒ වගේම අපි තාක්ෂණයෙන් ඉදිරියට යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ දවස්වල අපි 35,000ක හමුදාවකින් දුන්න මෙහෙයුම් සාක්ෂරතාවය අපි බලාපොරොත්තු වෙනවා 18,000ක් වගේ පිරිසක් යොදාගෙන ඊට වඩා ඉදිරියට ගිය මෙහෙයුම් සාක්ෂරතාවයක් සිදුකරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26