රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 13ක මුදලක් අතිරේකව වැය වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ, අනුව රුපියල් බිලියන 107ක මුදලක් අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප සඳහා වැය වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර පවුල් ලක්ෂ 27ක් සඳහා කිලෝ 10 බැගින් අප්‍රේල් සහ මැයි මාස සඳහා ලබාදීමේ වැඩසටහන ලබන 21 වනදා අරඹන බව ද ඔහු පැවසුවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වඩා මෙම සහනාධාරය හිමිවන බවයි.
රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
21
+1
3
+1
1
+1
1
+1
4