වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ පෙත්සමේ නියෝගය කල් යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 26 වනදා දක්වා කල් තැබුවා.

මෙම නියෝගය අද (09) අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් විනිසුරුවරයා කියා සිටියේ එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 26 වනදා දක්වා කල් තබන බවයි.

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කරනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලමින් අදාළ වෛද්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?