රනිල් කියන්නේ ජාතික වස්තුවක් එජාප මහ ලේකම් රංගේ කියයි

රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට එක් වන ඇතැම් කණ්ඩායම් සිය පක්ෂවල අනන්‍යතාව රැකගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරනවා.

පොහොට්ටුව, ශ්‍රීලනිපය ඇතුළු මෙරට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන අසූවකට වැඩි ගණනක් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට මේ වන විටත් එක්ව ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ.

මීට අමතරව ජාතික ජන බලවේගයේ පිබිදීම මේ වන විට දියාරු වෙමින් පවතින බවත්, රට ගොඩ ගත් රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වස්තුවක් වන අතර ජාතිය ගොඩනැඟීමේ අපේක්ෂාව එතුමාගේ අරමුණ බවත් මහ ලේකම්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
15
+1
4
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?