විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

2021 හා 2022 වර්ෂයන්හි උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව එම කාලසීමාව එළඹෙන 10 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

2024.04.05 වන දින සිට 2024.04.10 දින දක්වා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදුකළ යුතු නම් 2024.04.11 දින සිට 2024.04.17 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව ද එම අමාත්‍යාංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?