ශ්‍රීලනිපය හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට (08) දිනයේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම දේශපාලන මණ්ඩල රැස්වීමේ දී ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට ද නියමිත බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ලිපිගොනු කිහිපයක් අස්ථාගත වී ඇතැයි පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ, අනුව විමර්ශන නිලධාරීන් පක්ෂ මූලස්ථානයට කිසිවෙකු හෝ ඇතුළුවීම වැළැක්වීම හේතුවෙන් ඊයේ (06) එම ස්ථානයේ නොසන්සුතාවක් හට ගත්තා.