අනියම් සැමියාට පහරදී ගෙළවැලලාගෙන බවට පේන්න එල්ලලා

මුන්දලම පාලසෝලේ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සොහොයුරා, අනියම් බිරිඳගේ සොහොයුරාගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් විසින් 37 හැවිරිදි පුද්ගලයෙකු පහරදී ඝාතනය කර පසුව ඔහු ගෙළවැලලාගෙන මරණයට පත්වූ බවට හැඟවෙන අයුරින් මළ සිරුර එල්ලා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ කොහු මෝලක කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වු පුද්ගලයා අදාළ සැකකාර කාන්තාවගේ තුන්වන සැමියා බවත් මොවුන් නිත්‍යානුකුලව විවාහවී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම කාන්තාව සහ මියගොස් ඇති පුද්ගලයා කොහු මෝල තුළ පදිංචිව සිට ඇති අතර මාස කිහිපයක් තිස්සේ ඔවුන් අතර කිසිදු කතාබහක් සිදුව නොමැති බවයි සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ. අනතුරුව ඝාතනයට ලක්වූ දිනයේ මියගොස් ඇති පුද්ගලයා බීමතින් පැමිණ ඔවුන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පසුව එහිදී සිදුවූ පහරදීමකින් ඔහු මියගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා. එහිදී සැකකරුවන් විසින් මියගොස් ඇති පුද්ගලයා ගෙළවැලලාගෙන මරණයට පත්වූ බවට හැඟවෙන අයුරින් මළ සිරුර එල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

මුන්දල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09