වනිදු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙරට ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ වනිදු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් 2024 අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි.

ඒ අනුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට වනිදු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

වනිදු හසරංග වම් වළලුකර ප්‍රදේශයේ ආබාධයකින් පසුවන බැවින් එය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා ඔහුට පුනරුත්තාපන කටයුතුවල හා විවේකීව කාලය ගත කිරීමට සිදු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මීට දින කිහිපයට පෙර වනිදු වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් තිබුණා.

එහි දින තුනක පමණ කාලයක් ඔහු රැදී සිට ඇති අතර, එහිදී වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියට සහභාගී නොවී විවේක ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ද ඔහු වන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා වනිදු හසරංගගේ ද ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ජූනි මාසයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් වීම බව නොරහසක්.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අයි.පී.එල් තරගාවලිය මැයි 26 වැනිදා අවසන් වී දින පහක පමණ කාලයකින් පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14