පිළිකා කාරක ආහාර සහ නිෂ්පාදනය කරන ආයතන ලැයිස්තුව පිලිබඳ වාර්තාව අද එළියට

ප‍්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාවක් අද (06) දින ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ලබාදීමට නියමිතය.

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වන එස්. යූ. නාරංගොඩ සහ බී. එම්. බී. ඞී. නීලකාන්ති යන දෙදෙනා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇතැයි අග‍්‍රමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා පවසයි.

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් පිළිකාකාරක සහිත ආහාරපාන බොහොමයක් පවතින බවට මාධ්‍ය වෙත කියා සිටි කරුණ සම්බන්ධයෙන් මේ කඩිනම් වාර්තාව ඉල්ලා සිටි බවත් ඒ අනුව අදාළ වාර්තාව ප‍්‍රමිති ආයතනය විසින් අද දින ලබාදීමට නියමිත බවත් අග‍්‍රමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?