ලෝකයේ ජිවත් වෙන්න සුදුසුම රටක පාසලක වෙඩි තැබීමක් (ඡායාරූප)

ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් අවුරුදු 12ක් වයසැති සිසුවෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (02) උදෑසන සිදුවූ මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ, 12 හැවිරිදි සිසුවෙකු බවයි.

වෙඩි තැබීමෙන් පසු එම සිසුවා පාසලෙන් පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් පාසලට නුදුරින් ගංගාවක් අසලදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩිතැබීමෙන් 12 හැවිරිදි සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගොස් ඇත්තේ ඉන් එක් අයෙකි.

වෙඩි තැබීමත් සමඟ පාසලේ මහා කලබලයක් හටගත් බවත් සිද්ධිය සැලවීමෙන් කම්පනයට පත් දරුවන්ගේ මාපියන් පාසලට එක්රොක් වූ බවත් ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කර සිටියා.

වෙඩි තැබීම සිදුවූයේ වියෙර්ටෝලා පාසලේය.

වෙඩි තැබීම සිදුවෙද්දී පාසලේ සිසුන් 800 දෙනකු සහ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 90 දෙනකු සිටි බව ද වාර්තා වනවා.

WhatsApp Image 2024 04 02 at 4.49.50 PM 2
WhatsApp Image 2024 04 02 at 4.50.23 PM 2
WhatsApp Image 2024 04 02 at 4.50.37 PM 2
WhatsApp Image 2024 04 02 at 4.51.21 PM 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40