ලාෆ්ස් ගෑස් මිලත් දැනෙන ගණනකින් පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කළ බව එම සමාගම පවසනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකර තිබෙනවා.

මෙම මිල අඩු කිරීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,115ක්.

මේ අතර ලිට්‍රෝ ගෑස් මිල ද අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කළා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් ද, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් ද, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 23කින් ද මිල පහත දැමුවා.

මෙම මිල අඩු කිරීම්වලට අනුව ලිට්‍රෝ ගෑස් නව මිල ගණන් වන්නේ,
කිලෝග්‍රෑම් 12.5 රුපියල් 4115
කිලෝග්‍රෑම් 05 රුපියල් 1,652
කිලෝග්‍රෑම් 2.3 රුපියල් 772



අපගේ නවතම වීඩියෝ පුවත්