දයාසිරිට මෛත්‍රීගෙන් යළි ඇරයුමක් – මහ ලේකම් ධුරයම අවශ්‍ය බව කියයි (වීඩියෝ)

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන පක්ෂයට එක්වන වන ලෙසට ආරාධනයක් ලැබී තිබෙනවා.

පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මෙම ආරාධනය කර ඇත්තේ පසුගිය දා මන්ත්‍රීවරයා තම නිවසට කැඳවා කරන ලද සාකච්ඡාවක් අතරතුරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම පක්ෂයේ මහලේකම් ධුරය දැරූ දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී තහනම් කරනු ලැබුවා.

ඒ, සමගම මන්ත්‍රීවරයාට මහලේකම් ධුරයේ කටයුතු කිරීම ද තහනම් කෙරුණු අතර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව ද දැනුම් දී තිබුණා.

කෙසේ නමුත් පසුගිය දිනෙක දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය නිවසට කැඳවූ මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධුරය භාරගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ඉවත් කරගැනීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධුරය හැර වෙනත් තනතුරක් භාරගැනීමට තමන් සූදානම් නැතැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ (30) පැවති විශේෂ කාරක සභා රැස්වීමක දී පක්ෂයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සභාපති, භාණ්ඩාගාරික සහ ජාතික සංවිධායක තනතුරු වෙනස් කෙරුණා.

ඒ, අනුව එම තනතුරු දැරූ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය ඉවත් කෙරුණු අතර එම තීරණයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51