දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 741ක් පොලිස් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ වූ මෙහෙයුමට සගාමීව ඊයේ (28) දින සිදුකළ වැටලීම් 742කට අදාලව සැකකරුවන් 728ක් හා සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවන් 34ක් වැඩිදුර විමර්ශන සදහා රදවාගෙන තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට අපේක්ෂිතව ඇති අතර, එක් සැකකරුවන් 17 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිතයි.

තවත් සැකකරුවන් 17 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට කටයුතු සිදු කරමින් පවතින බව පොලිසිය පවසනවා.

මෙම මෙහෙයුමේ දී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 180ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 109ක්, ගංජා ග්‍රෑම් 212ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකල මුළු වැටලීම් 449කදී සැකකරුවන් 439ක් හා සැකකාරියන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 07ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් හා ගංජා ග්‍රෑම් 93ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකල මුළු වැටලීම් 70කදී සැකකරුවන් 70ක් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම වැටලීම් සම්බන්ධ වාර්තාව පහතින්,

image 37


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57