AFC Banner
Empty Ad
Empty Ad

සනත් නිශාන්තගේ බිරිඳට ලොකු පුටුවක්

පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී ඊයේ (27)දින පැවැති විධායක කමිටු රැස්වීමේදී පක්ෂයේ ඉදිරි කටයුතු සදහා නව කන්ඩායම් කිහිපයක් පත්කර ඇතිබව වාර්තා වනවා.

පක්ෂයේ නව විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන අයවලුන් පත්කළ බවත් සෙසු සාමාජිකයන් 07 ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (සනත් නිශාන්තගේ බිරිඳ) යන කණ්ඩායම පත්කල බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, සාගර කාරියවසම් පවසා සිටි අතර විනය මණ්ඩලය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පියවර ගත් බවත් ලේකම්වරයා ප්‍රකාශ කළා.

එමෙන්ම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල්, ජොන්ස්ටන්, එස්. බී, සී. බී. රත්නායක, රෝහිත සහ මංජුලා දිසානායක යන කණ්ඩායම පත්කළ බවත් පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීම බේරුම්කාර මණ්ඩලයේ කාර්ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
4
+1
35
+1
3
+1
3
+1
4
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?