කසුන්ට සහ හතුරුසිංහට දෙවැනි තරගය අහිමි වෙයි

සත්කාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත හට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ වම් උරහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට කසුන් රාජිත සහභාගි නොවනු ඇත.

මේ අනුව කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට එක්කර ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීම සදහා කසුන් රාජිත නැවත මෙරටට පැමිණ ඇති බවද වාර්තා වනවා.

මේ අතර බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හටද ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟය අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ පුද්ගලික හේතුවක් මත ඕස්ට්‍රේලියාවට බලා පිටත්ව යාමට නියමිත වීම හේතුවෙන්.

බංගලාදේශ කණ්ඩායමේ සහකාර පුහුණුකරු නික් පෝතාස් දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14