සෞඛ්‍ය සේවකයින්ගෙන් නැවතත් දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් තාක්ෂණික වාර්තාවට දින 25ක් ගත වුවද නිසි පිළිතුරු තමන්වෙත නොලැබීම හේතුවෙන් නැවතත් දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණයකළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ගැටලුව විසඳීම සඳහා විශාල උත්සාහයක් ගත්තත් අවසන් සාකච්ඡාව අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම
හමුවේ වර්ධනයකින් තොරව ගැටලුව විසඳා ගැනීමට ඇති ඉඩකඩ අවහිර වී ඇති බවයි ඔහුන් සදහන් කළේ.

එමෙන්ම මේ පිලිබදව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය ප්‍රමාද වීම නැවත වර්ජනයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව අප්‍රේල් මස දෙවැනිදා උදෑසන හයයි තිහේ සිට නැවතත් අත්හිට වූ දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

මෙම වර්ජනය සඳහා මාතෘ රෝහල් ,පිළිකා රෝහල්, ළමා රෝහල් සහ වකුගඩු රෝහල් දායක කර ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති නමුත් ඉදිරියේදී රජය දක්වන ප්‍රතිචාර අනුව ඒ පිළිබඳවද තීරණය කිරීමට අද (27) දින රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය වැළැක්වීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙස බල කරමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් අප්‍රේල් මස පළවෙනි දින සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට පැවැත්වීමටත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කොට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48