සිඟමන් යදින බාල වයස්කාර දරුවන් ප්‍රමාණය අනාවරණය වෙයි

මෙරට පුරා විවිධ ස්ථානවල සිඟමන් යදින බාල වයස්කාර වීදි දරුවන්ගේ සංඛ්යාව තිස් දහසක් පමණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන හා දත්ත අධ්‍යන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා.

මහාචාර්යවරයා සඳහන් කරන්නේ මෙරට විවිධ ප්‍රදේශවල සිදුකළ පර්යේෂණ හා අධ්‍යන කටයුතු මගින් මෙය තහවුරු වී ඇති බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්යවරයා කියා සිටියේ මෙය ඉතාම ගැටළුකාරී තත්වයක් බවත් අනාගතයට ඉතා දරුණු බලපෑමක් මෙය තුලින් එල්ල විය හැකි බවයි.

මෙම දරුවන් පිළිබඳ රජයට නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බවත් එලෙස නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමේ වගකීම
රජයට පවතින බවත් ඔහු සදහන් කළා.

මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් වීදි දරුවන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තවදුරටත් මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය, සොරකම්, වංචා, ලිංගික අපචාර වැනි අපරාධ විශාල වශයෙන් ඉහළ යාමට හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී සඳහන් කළේ මෙම තත්ත්වය පිළිබඳව පොලිසිය දැනුවත්ව සිටින බවයි.

තව දුරටත් අදහස් පළ කළ පොලිස්පතිවරයා කියා සිටියේ අදාළ දරුවන් දීර්ඝ කාලීන පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවයි.

කෙසේ වෙතත් ඒ සඳහා ඉඩකඩ සහිත සුදුසු ස්ථානයක් නොමැති බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමු කරන බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19
Video thumbnail
හිටපු පොලිස්පති නිසල වී ට්‍රොලියේ ගිය අයුරු - ‍‍රෝහලේ ඔබ නොදුටු දසුන් මෙන්න
02:46
Video thumbnail
සජිත්ට ජෝකර් කියලා බැනපු ලාල්කාන්ත..
01:16
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධිය ගැන හොයන්න මහේස්ත්‍රාත්වරයත් එයි - අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරයි
04:00
Video thumbnail
රට වටෙන්ම අද කොහේ ගියත් ඇහෙන්නේ නාමල්.. නාමල්.. නාමල් කියලා...
01:30
Video thumbnail
වර්තමාන පොලිස්පති මි#යගිය හිටපු පොලිස්පතිගේ නිවසට පැමිණෙයි - විමර්ශන ගැන අහද්දි පිළිතුරු නොදී යයි
01:45
Video thumbnail
28 වැනිදා වනතුරු නැවතත් හිරගෙයි ජීවිතයට දුක්බරව ගිය රඛිත සහ නළු චරිත්..
00:29