මැදවච්චිය රෝහලේ ගිලන්රථයක් වෙල් යායකට පෙරලෙයි

මැදවච්චිය රෝහලේ ගිලන්රථයක් මැදවච්චිය , සංගිලිකනදරාව ප්‍රදේශයේදී අද (23)දින අලුයම අනතුරකට ලක්ව තිබෙනවා.

රැඹෑව රෝහල වෙත රෝගීන් කිහිපදෙනෙකු රැගෙන යාමෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටි ගිලන්රථයකුයි මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ.

එම අනතුරින් බරපතල තුවාල ලබා සිටි ගිලන් රථ රියදුරු සහ රිය සහයකවරයා, මැදවච්චිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබෙනවා.

රියදුරුට නින්දයාම හේතුවෙන් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ අංක 149/5 බෝක්කු කණුව අසල තිබූ ආරක්ෂිත පැති බැම්මේ හැපී අදාළ අනතුර සිදුව ඇති බව මැදවච්චිය පොලිසිය සදහන් කළා.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39