AFC Banner
Empty Ad
Empty Ad

මැදවච්චිය රෝහලේ ගිලන්රථයක් වෙල් යායකට පෙරලෙයි

මැදවච්චිය රෝහලේ ගිලන්රථයක් මැදවච්චිය , සංගිලිකනදරාව ප්‍රදේශයේදී අද (23)දින අලුයම අනතුරකට ලක්ව තිබෙනවා.

රැඹෑව රෝහල වෙත රෝගීන් කිහිපදෙනෙකු රැගෙන යාමෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටි ගිලන්රථයකුයි මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ.

එම අනතුරින් බරපතල තුවාල ලබා සිටි ගිලන් රථ රියදුරු සහ රිය සහයකවරයා, මැදවච්චිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබෙනවා.

රියදුරුට නින්දයාම හේතුවෙන් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ අංක 149/5 බෝක්කු කණුව අසල තිබූ ආරක්ෂිත පැති බැම්මේ හැපී අදාළ අනතුර සිදුව ඇති බව මැදවච්චිය පොලිසිය සදහන් කළා.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?