අස්වැසුමේ දෙවැනි වටයට අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අද

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි වටය සඳහා අයදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින් (22) අවසන් වනවා.

මේ වන විට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් 250,000ක් පමණ ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව දිවයින පුරා පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට ද මෙම අයදුම්පත් භාරදීමට අවස්ථාව සලසා දී තිබුණා.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයදුම්පත් භාරදීමට තිබූ කාලය පසුගිය 15 වනදා අවසන් වීමට තිබූ අතර, එම කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමටයි රජය පසුව කටයුතු කළේ.

මේ අතර දෙවැනි අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙනුවෙන් ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිතයි.

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලබන පිරිස මේ වනවිට ලක්ෂ 16 කට අධිකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03