රත්මලානේ කුඩු ජාවාරම මෙහෙය වූ කුඩු අංජුගේ ගෝලයෙක් STF දැලේ

දැනට විදේශගතව සිටන සන්විධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ අමල් ශාමින්ද සිල්වා නොහොත් රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන ඔහුගේ සමීපතම ගෝලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (21) දින ගල්කිස්ස පොලිස් වසමේ දුම්රියපොල පාර, රත්මලාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදියි.

එහි දී අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 55 මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි රෝසා නමින් හදුන්වන මෙම සැකකරු ජංගම දුරකථනයක්, විද්‍යුත් තරාදියක් හා මුදලින් රුපියල් 15,000.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්