වනිදුගේ ටෙස්ට් ආගමනය ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

වනිඳු හසරංග විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට යළි කැඳවූයේ එළැඹෙන 20 /20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ අවදානම වළක්වා ගැනීමේ උපක්‍රමයක් නිසා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මාර්තු 18 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පරාජයේදී විනිසුරු තීරණයකට එරෙහිව අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවූවා.

නමුත් තරගය අවසන් වූ විගසම සහ ICC විසින් එම තහනම ලබා දීමට පෙර හසරංග ටෙස්ට් පිටියට යළි පැමිණීම නිවේදනය කරමින් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඔහු නම් කෙරුණා.

පසුව ලැබුණු ICC තීන්දුවෙන් ඔහුගේ දඬුවම් ලකුණු ගණන 8ක් දක්වා ඉහළ ගිය අතර, එයින් අදහස් වන්නේ ඔහුට ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ හතරක් හෝ 20/20 ජාත්‍යන්තර තරඟ හතරක් අහිමි වන බවයි.

හසරංග ටෙස්ට් සංචිතයට නම් නොකළේ නම්, තහනම හේතුවෙන් ඔහුට ජුනි මාසයේදී පැවැත්වෙන් T20 ලෝක කුසලානයේ පළමු තරග 4 අහිමි වීමට ඉඩ තිබුණා.

නමුත් වසරක වැඩි කාලයක් පළමු පෙළ තරගයක් හෝ ක්‍රීඩා කර නොතිබුණද ටෙස්ට් පිටියට නැවත පැමිණීම හේතුවෙන් අදාළ තහනම ක්‍රියාත්මක වන්නේ ඉදිරි ටෙස්ට් තරග දෙකේදීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව, ඔහුගේ ඉහළ යෝග්‍යතා මට්ටම් සඳහන් කරමින්, ඉදිරි ටෙස්ට් ක්‍රිකට් තේරීම් සඳහා සලකා බැලීමට තමන්ගේ කැමැත්ත හසරංග මාර්තු 16 වැනි දින විද්‍යුත් තැපෑලෙන් දන්වා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජික අජන්ත මෙන්ඩිස් පවසා ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත හසරංග සති දෙකකට පමණ පෙර දන්වා සිටි බවයි.

තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබුවේ අවසන් එක්දින තරගයට පෙර බවද අජන්ත මෙන්ඩිස් පවසා තිබෙනවා.

වනිදු ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කළේ නම්, හෙටින් ඇරඹෙන අයි.පී.එල් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අර්බුදයකට ලක් වන්නේ ඔහුගේ සේවය තරගාවලියේ ආරම්භක තරග සඳහා ලබා ගැනීමට නොහැකි වීම
හේතුවෙන්.

කෙසේ වෙතත්, එම ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමේ සැලසුම සන්රයිසස් කණ්ඩායම නොදැන සිටි බවයි ක්‍රීඩා වෙබ් අඩවි සදහන් කළේ.

නමුත් දැන් සියල්ල යහපත් ලෙස විසඳී ඇති අතර වනිඳු හසරංගට අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කිරීමටත් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ සිටම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටත් අවස්ථාව හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
7
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23