ගුවන් යානය අවලංගු වීම නිසා රැකියා සිහිනය බොඳ වුණු ශ්‍රමිකයෝ

කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් සඳහා වෙන්කරවාගෙන තිබූ ශ්‍රීලන්කන් ගුවන යානයක් ප්‍රමාද වී අවලංගු කිරීම නිසා ඔවුන්ට රැකියා සිහිනය බොඳ වී නැවත නිවෙස් බලා යාමට පෙරේදා (19) වනදා රාත්‍රීයේ සිදුව තිබෙනවා.

ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීම මත මෙම ශ්‍රමිකයන් සියදෙනා කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටියේ පෙරේදා (19) රාත්‍රියේයි.

හදිසියේම ගුවන් යානය ප්‍රමාදවීමත් සමග ගුවන් තොටුපොළේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අවසානයේ ගුවන් යානය අවලංගුවීම හේතුවෙන් සියලුදෙනා හැරී ගොස් තිබෙනවා.

නියමිත වේලාවට මෙම පිරිස යැවීමට නොහැකි වූ නිසා ලබන 3 වනදා වනතුරු මෙම කණ්ඩයම කොරියාවට නොඑවන ලෙස කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී තිබෙනවා.

එම සියදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ හයදෙනෙකුට නැවත කොරියාවට යාමට ඉඩ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33